Wednesday, October 12, 2016

කමත් භාෂාව


  1. වී - බෑත
  2. තේ - රතු ගගුල
  3. කුරුම්බා - කහ පෑන් ගෙඩි
  4. හකුරු - රසබෝයි
  5. රාත්‍රි ආහාරය - මුත්තෙට්ටුව
  6. බත් කෑම - පුබ්බරුවන් රෑකෙනවා
  7. කෙසෙල් ගෙඩි - කහට ගෙඩි
  8. ආප්ප - කිරිකබලු
  9. කමත සුද්ද කිරිම - බෝමුර ඈදිම
  10. කමතට ගෙන ආ වංගෙඩිය - උහන් ගෙඩිය
  11. කමතේ වී මෑනිම - යාල්ලීම
  12. උදෑල්ල - කොටන්නාව
  13. උකුනුගස - දැතිමානාව
  14. එපා කීම - ඉස්සරයි
  15. බෑ කීම - අසීරු
  16. කනවා - සීරු කරනවා
  17. ආහාර බෙදිම - ඈබුල්පේ කරනවා
  18. ගොයම් කොල ගොඩ ගසන තෑන - කමත, පාවර
  19. පෑගිමට ගොඩ ගෑසු ගොයම් කන්ද - ගොයම් කොළය
  20. මී හරකුන් කමතට ඈතුලත් කල පසු -  අම්බරුවන්
  21. කොළ මඩින විට කමතේ ඇතුල් පැත්තෙන් ගමන් කරන හරකා - ඇතුල්පොලයා
  22. කොළ මඩින විට කමතේ පිට පැත්තෙන් ගමන් කරන හරකා - පිටපොලයා
  23. ගොම - ගොම්පස්
  24. පිදුරු - මෑඩුවන්
  25. අරුව මුදුන් කිරීම - බැත ගොඩ ගැසීම
  26. අක්කියාල් - කමතේදී දෙවියන් සඳහා වෙන් කරන කොටස
  27. අක්වරුව (බොල් ගොඩ) - බොල් වී කන්ද
  28. අක්ලීය - පයින් ගොයම් පාගන විට කතිර දෙකක් සාදා ඒ මත තබන ලී දණ්ඩ
  29. අගවැන්න - ඇඟිටි වී
  30. අගස් දානය - අළුත් සහල් මංගල්‍යය (පලමුව වෙන් කරන කොටස බුදුරජාණන් වහන්සේට පූජා කිරීම
  31. අටුව - වී දැමීමට නිවසේ දුම් මැස්සේ ලෑලි වලින් සාදන පෙට්ටිය
  32. අතලය - කුඩා මුට්ටිය
  33. අත් මල්ල - පැල වී ඉහින පෙට්ටිය
  34. අසීරු - බැහැ
  35. අඬහැරය විකිලීම (ඕසේ ඇදීම) - ගොයම් පාගන සහ සීසාන විට ගයන ගීතිකා
  36. අඳ ගොවියා - කොටසක් ගැනීමට ගොවිතැන් කරන්නා
  37. අමුඩය - කුඹුරු වගාවේ දී යොදා ගන්නා ඇඳුම
  38. අරක් පොළ - කුඹුර මැද කමත සඳහා තෝරා ගන්නා ස්ථානය
  39. අරක් පොල් - දෙවියන් සඳහා වෙන් කරනු ලබන පොල් ගෙඩිය
  40. අරක්වල (මුත්තාවල) - කමත මැද සාදන වල
  41. අරක් පෙට්ටිය - ආරක්ෂක ද්‍රව්‍ය දමා කමත මැද තැබීමට ගෙන යන පෙට්ටිය
  42. අරක් නිදන් - හීරැස්ස, තොලබෝ, ඉළුක්, රඹුක්, යකඩ, හක් බෙල්ලා, කොලොඹ, පෝරුව, අරක් මුක්තා කමත මැද තැන්පත් කරන ගල
  43. අරක් නිදන් - හීරැස්ස, තොලබෝ, ඉළුක්, රඹුක්, යකඩ, හක් බෙල්ලා, කොලොඹ, පෝරුව, අරක් මුක්තා කමත මැද තැන්පත් කරන ගල
  44. අරක් ගල - කමත මැද තැන්පත් කරන ගල
  45. අළුවන් මංගල්‍යය - කමත මැද අළුවලින් යන්ත්‍ර ඇඳීම
  46. අළුබෝව - කමතට අළු ගෙන යන භාජනය
  47. අමකටුවුනා - කොළ මැඩවී නෑ
  48. අම්බරුවා (බොල්ලා) - කොළ මඩවන ගවයින්
  49. අරක් පොළ - හරක් බඳින කණුව
  50. ඇලි මෝල්කඩ (ගොන් මෝල්කඩ) - කමතේ වතුර බැස යන කානුව
  51. ඉස්සරයි - එපා
  52. ඉපනැල්ල - ගොයම් කැපූ පසු කුඹුරේ ඉතිරි වන කොටස
  53. ඉහ දෙනවා - අනිනවා
  54. එල අම්බරුවා - එල හරකා
  55. කැට වැලි ඇහිලීම - වී වල ඇති ගල් පස් ඉවත් කිරීම
  56. කටු පත් මල්ල - කමතේ වී දමන ගෝනිය
  57. කුරුණිය - වේවැල් වලින් සැකසූ වී මනින බඳුන
  58. කුඹල් ගෙඩිය - කලය
  59. කරකසබෝය - පැණි
  60. කට්ටුව - කුඩය
  61. කොටා බානවා - කෑම කනවා
  62. කයිබත - කුඹුරට ගෙනියන බත් මාළු පිණි
  63. කමත් ඇඹුල - කොළ පාගන දිනයේ රාත්‍රී ආහාරය
  64. කිරි කබලු - ආප්ප
  65. කහට බෝය - පුවක්
  66. කටුවන් (සුදුවා) - හුනු
  67. කහට ගෙඩි - කෙසෙල්
  68. කහප්න් ගෙඩි (කස පැන්) - කුරුම්බා
  69. කළු ගගුල - කෝපි
  70. කොල දින් කාලය - ගොයම් කපන කාලය
  71. කොල බඳිනවා - මිටි බැද කමතට ගෙන ඒම
  72. කමත ඇඹීම - කමතක් ලෙස සකස් කිරීම
  73. කමත් ආණ්ඩු කිරීම - චාරිත්‍ර වාරිත්‍ර පවත්වා ගෙන යෑම
  74. කොහොඹ පෝරුව - කමතේ ආරක්ෂාවට තබන යන්ත්‍ර
  75. කටු හත - කමතේ ආරක්ෂාවට තබන හක් බෙල්ලා
  76. කොළ එලීම - කමතට කොළ දැමීම
  77. කොළදින් රාල - කමතට ගොයම් දමන්නා
  78. කොලමාගල් - කමතේ එලන පැදුර
  79. කාටුවා - බැත සමඟ ඉතිරි වන කුඩා ගොයම් කැබලි
  80. කලාතයා - පිටින්ම ගමන් කරන ගවයා
  81. කොත් කිරීම - ගවයන් කමත මැදට ගැනීම
  82. කොලවලහන් - කොළ මැඩීමට දෙන වී පංගුව (හරක් අඳේ)
  83. ගරන රාල - බැත ගරා එන්නා
  84. ගොවිකම් කිරීම - මැනීමට වී කිට්ටු කිරීම
  85. ගොයිකම් කිරීම - වී මැනීම
  86. ගගුල බානවා (ගගුල කරුණා කරනවා) - වහිනවා
  87. ගෝමැරියා (සෝමාරියා) - කම්මැලියා
  88. ගොන් බත - ගොන් දක්නාට දෙන බත
  89. ගගුල - වතුර
  90. ගොල්ල - පිරිස
  91. ගම් අඳය - ඉඩම් හිමියාට ලැබෙන කොටස
  92. ගොවි රාළ - ගොවිතැන් කරන්නා
  93. ගොන් පාවිට - කමතේ වතුර බැස යන කානුව
  94. ගොන් මෝල - කමතේ වතුර බැස යන සිදුර
  95. ගොල ගොන් ගැසීම - ගවයින් ලවා කොළ පෑගීම
  96. ගලතනවා (ආදිනවා) - හරක් එකට ගැට ගැසීම
  97. ගොම් පස් - ගොම
  98. ගොම් පස් දානවා - හරක් ගොම දානවා
  99. ගොම් පස් රාජකාරිය - ගොම කමතෙන් ඉවත් කිරීම
  100. ගුගුරන් බෑම - හරක් කමතේ මුත්‍රා කිරීම
  101. තට්ටුපත් කොළ - කෑම ගන්නා කෙසෙල් කොළ
  102. තොඹුපිරිවැස්ස (කටකලියාව) - කරල් කනවාට කටට දමන තොණ්ඩුව
  103. දහ අට හොඳයි - අංක 19 වෙනුවට භාවිතා කරන වචනය
  104. දැඩියාව - අව්ව
  105. දඬුව - ගිනි දැල්ල
  106. දිය පිට පින්නා - කැවුම්
  107. දෑතුරයා - හරක් රැලේ මැද ගවයින්
  108. නියරය -  ලියැද්ද වටා ඇති බැම්ම
  109. නෙළුම් කයිය - ගොයම් කැපුමට එන පිරිස
  110. නෙළුනවා (ගොයම් ලියනවා) - ගොයම් කැපීම
  111. නිරි ගොයම - ඉපනැල්ලෙන් මතුවන ගොයම් පැල
  112. පාවර මැනීම -  මැඬවනු බැත මැනීම
  113. පවනී බානවා - කකුලෙන් ගොයම් පාගා පිඬුරු ඉවත් කිරීම
  114. පරුවත කැට - වී වලට මිශ්‍ර වී ඇති ලොකු ගල් කැට
  115. පිහාටු බරියා - කුකුලා
  116. පංජම - පුංචි
  117. පුබ්බරු - බත්
  118. පුබ්බරුවන් රැකෙනවා - බත් කනවා
  119. පෙදකොට්ටු - ඉඹුල් කිරිබත්
  120. පැඟිරි කොළ - බුලත් කොළ
  121. පැඟිරියා - පැඟිරියා
  122. පැලපත - වැඩෙන ගොයම
  123. පැල - කමතේ සාදන තාවකාලික මඩුව
  124. පැහැදින් මල්ල - වැඩ නිමවූ පසු කිරි ඉතිර වීමට
  125. පහෙක් රාළ - කමත බලා ගන්නවා
  126. පාවර - වරකට පාගන ගොයම් කොළ ප්‍රමාණය
  127. පොල්මුත්තා - ඇතුල් රවුමේ දෙවන ගවයින්
  128. පිට කමත් කිරීම - ගවයින් පිටතට ගැනීම
  129. පට්ටිරාල - හරක් අයිතිකරු
  130. බොගා (වාඩාව) - සුළඟ
  131. බැත අරුව - පාහින ලද බැත කන්ද
  132. බෝය කිරීම - වී මළු වලට දැමීම
  133. බැත බෙරය - ලාස් පහක ප්‍රමාණය
  134. බුසල - වී මනින පෙට්ටිය
  135. බිස්ස - වී දැමීමට වේවැල් වලින් සහ මැටි යොදා ගෙන සාදන්නකි
  136. බැත ගෙට ගැනීම - වී ගෙදරට ගෙන ඒම
  137. බැට බානවා - කුලී ගෙවීම
  138. බොකු ගෑම - මැස්සන් විනාශ කිරීමට යොදා ගන්නා ක්‍රමයක්
  139. බෝය - ඩිංගයි
  140. බාල - පුංචි
  141. බාන්න - එන්න
  142. බෝය කරනවා - විටක් කනවා
  143. බුම්මැඩිය - වාදන භාණ්ඩයක්
  144. බෝමුරු ඇඳීම - කමත සුද්ද කර ගොම ගෑම
  145. බෝල් තියනවා - කමත අතු ගානවා
  146. බැත වැඩි වීම - ගොයම් මැඩවීමට පෙර අතින් පොඩි කර ලබා ගත් වී කමතේ ඉසීම
  147. බැත රාහි කිරීම - වී පෝරුවෙන් ගොඩ කිරීම
  148. බාන - එකට ගැට ගසන ලද හරක් දෙදෙනෙක්
  149. මල් පාවර කරනවා - කකුලෙන් ගොයම් පාගා පිදුරු ඉවත් කිරීම
  150. මරික්කලය -  වී මැනීමට ගන්නා උපකරණය
  151. මෝල්හන් බෑම - කමතේ දී වී කෙටීම
  152. මුරුත්තෙට්ටුව (මහ බත) - දවල් ආහාරය
  153. මාළු නැති බත් - කිරි බත්
  154. මුලා - කමතේ කටයුතු වල නායකයා
  155. මහප්පිඩ - කමතට ගෙන යන පළමු ගොයම
  156. මී අම්බරුවා - මී හරකා
  157. මුදුනා - ඇතුල් රවුමේ ගමන් කරන ගවයින්
  158. මුදුන් කිරීම - ගවයින් කමතට ගැනීම
  159. යතුරු ගහනවා - වී වල රොඩු ඉවත් කිරීම
  160. යාල්ලනවා - වී මනින මිනිසා
  161. යකුන්දාව - කමතට අළු ගෙනයන භාජනය
  162. යතුරු ගොයියා - කුල්ල
  163. රත්තා - ගින්දර
  164. රත්තා බෝ කිරීම - ගිනි මෙලවීම
  165. රත්තට හදනවා - පිදුරු වලට ගිනි තියනවා
  166. රස් බෝය - හකුරු
  167. රාජාසන වෙනවා (සාන්තු වෙනවා) - කෑම බීම ගන්නවා
  168. රතු ගගුල -  තේ
  169. ලාහ - වී මැනීමට භාවිතා කරන උපකරණයකි
  170. ලාබයි - වී මැනීමේදී අංක 1 වෙනුවට භාවිතා කරයි.
  171. ලියන්නෝ - වේයන්
  172. ලියන්නා - මීයා
  173. වරුව - බැත ගොඩ (වී ගොඩ)
  174. වරුව රාහි කිරීම - බැත ගොඩ ගැසීම
  175. වලහන - ගොයම් වැඩට උදව් වූ අයට කුලිය ලෙස දෙන වී කොටස
  176. වැඩ කරන්න - ගන්න
  177. වක්කඩ - ලියැද්දෙන් ලියද්දට වතුර බැසින විවරය
  178. වප් නියරය - මඩගා සූදානම් කළ නියරය
  179. වී දියේ දානවා - වී පැල වීමට දියේ දැමීම
  180. වැල් ඇඳීම - ආරක්ෂා කල පිරිත් නූලක් ඇදීම
  181. සැහැල්ලු බෝය (අගාවත) - බොල් වී
  182. සීරු - පුළුවන්
  183. සරුවාලය - කෙත් බිමේදී යොදා ගන්නා ඇඳුම
  184. සාත්තු වෙනවා - ගවයින් කමතේ පිදුරු කෑම

1 comment:

  1. කුඹුර සැකසීමට කියන්නෙ කොහොමද

    ReplyDelete

Popular Posts