Wednesday, October 12, 2016

කමත් භාෂාව


  1. වී - බෑත
  2. තේ - රතු ගගුල
  3. කුරුම්බා - කහ පෑන් ගෙඩි
  4. හකුරු - රසබෝයි
  5. රාත්‍රි ආහාරය - මුත්තෙට්ටුව
  6. බත් කෑම - පුබ්බරුවන් රෑකෙනවා
  7. කෙසෙල් ගෙඩි - කහට ගෙඩි
  8. ආප්ප - කිරිකබලු
  9. කමත සුද්ද කිරිම - බෝමුර ඈදිම
  10. කමතට ගෙන ආ වංගෙඩිය - උහන් ගෙඩිය
  11. කමතේ වී මෑනිම - යාල්ලීම
  12. උදෑල්ල - කොටන්නාව
  13. උකුනුගස - දැතිමානාව
  14. එපා කීම - ඉස්සරයි
  15. බෑ කීම - අසීරු
  16. කනවා - සීරු කරනවා
  17. ආහාර බෙදිම - ඈබුල්පේ කරනවා
  18. ගොයම් කොල ගොඩ ගසන තෑන - කමත, පාවර
  19. පෑගිමට ගොඩ ගෑසු ගොයම් කන්ද - ගොයම් කොළය
  20. මී හරකුන් කමතට ඈතුලත් කල පසු -  අම්බරුවන්
  21. කොළ මඩින විට කමතේ ඇතුල් පැත්තෙන් ගමන් කරන හරකා - ඇතුල්පොලයා
  22. කොළ මඩින විට කමතේ පිට පැත්තෙන් ගමන් කරන හරකා - පිටපොලයා
  23. ගොම - ගොම්පස්
  24. පිදුරු - මෑඩුවන්
  25. අරුව මුදුන් කිරීම - බැත ගොඩ ගැසීම
  26. අක්කියාල් - කමතේදී දෙවියන් සඳහා වෙන් කරන කොටස
  27. අක්වරුව (බොල් ගොඩ) - බොල් වී කන්ද
  28. අක්ලීය - පයින් ගොයම් පාගන විට කතිර දෙකක් සාදා ඒ මත තබන ලී දණ්ඩ
  29. අගවැන්න - ඇඟිටි වී
  30. අගස් දානය - අළුත් සහල් මංගල්‍යය (පලමුව වෙන් කරන කොටස බුදුරජාණන් වහන්සේට පූජා කිරීම
  31. අටුව - වී දැමීමට නිවසේ දුම් මැස්සේ ලෑලි වලින් සාදන පෙට්ටිය
  32. අතලය - කුඩා මුට්ටිය
  33. අත් මල්ල - පැල වී ඉහින පෙට්ටිය
  34. අසීරු - බැහැ
  35. අඬහැරය විකිලීම (ඕසේ ඇදීම) - ගොයම් පාගන සහ සීසාන විට ගයන ගීතිකා
  36. අඳ ගොවියා - කොටසක් ගැනීමට ගොවිතැන් කරන්නා
  37. අමුඩය - කුඹුරු වගාවේ දී යොදා ගන්නා ඇඳුම
  38. අරක් පොළ - කුඹුර මැද කමත සඳහා තෝරා ගන්නා ස්ථානය
  39. අරක් පොල් - දෙවියන් සඳහා වෙන් කරනු ලබන පොල් ගෙඩිය
  40. අරක්වල (මුත්තාවල) - කමත මැද සාදන වල
  41. අරක් පෙට්ටිය - ආරක්ෂක ද්‍රව්‍ය දමා කමත මැද තැබීමට ගෙන යන පෙට්ටිය
  42. අරක් නිදන් - හීරැස්ස, තොලබෝ, ඉළුක්, රඹුක්, යකඩ, හක් බෙල්ලා, කොලොඹ, පෝරුව, අරක් මුක්තා කමත මැද තැන්පත් කරන ගල
  43. අරක් නිදන් - හීරැස්ස, තොලබෝ, ඉළුක්, රඹුක්, යකඩ, හක් බෙල්ලා, කොලොඹ, පෝරුව, අරක් මුක්තා කමත මැද තැන්පත් කරන ගල
  44. අරක් ගල - කමත මැද තැන්පත් කරන ගල
  45. අළුවන් මංගල්‍යය - කමත මැද අළුවලින් යන්ත්‍ර ඇඳීම
  46. අළුබෝව - කමතට අළු ගෙන යන භාජනය
  47. අමකටුවුනා - කොළ මැඩවී නෑ
  48. අම්බරුවා (බොල්ලා) - කොළ මඩවන ගවයින්
  49. අරක් පොළ - හරක් බඳින කණුව
  50. ඇලි මෝල්කඩ (ගොන් මෝල්කඩ) - කමතේ වතුර බැස යන කානුව
  51. ඉස්සරයි - එපා
  52. ඉපනැල්ල - ගොයම් කැපූ පසු කුඹුරේ ඉතිරි වන කොටස
  53. ඉහ දෙනවා - අනිනවා
  54. එල අම්බරුවා - එල හරකා
  55. කැට වැලි ඇහිලීම - වී වල ඇති ගල් පස් ඉවත් කිරීම
  56. කටු පත් මල්ල - කමතේ වී දමන ගෝනිය
  57. කුරුණිය - වේවැල් වලින් සැකසූ වී මනින බඳුන
  58. කුඹල් ගෙඩිය - කලය
  59. කරකසබෝය - පැණි
  60. කට්ටුව - කුඩය
  61. කොටා බානවා - කෑම කනවා
  62. කයිබත - කුඹුරට ගෙනියන බත් මාළු පිණි
  63. කමත් ඇඹුල - කොළ පාගන දිනයේ රාත්‍රී ආහාරය
  64. කිරි කබලු - ආප්ප
  65. කහට බෝය - පුවක්
  66. කටුවන් (සුදුවා) - හුනු
  67. කහට ගෙඩි - කෙසෙල්
  68. කහප්න් ගෙඩි (කස පැන්) - කුරුම්බා
  69. කළු ගගුල - කෝපි
  70. කොල දින් කාලය - ගොයම් කපන කාලය
  71. කොල බඳිනවා - මිටි බැද කමතට ගෙන ඒම
  72. කමත ඇඹීම - කමතක් ලෙස සකස් කිරීම
  73. කමත් ආණ්ඩු කිරීම - චාරිත්‍ර වාරිත්‍ර පවත්වා ගෙන යෑම
  74. කොහොඹ පෝරුව - කමතේ ආරක්ෂාවට තබන යන්ත්‍ර
  75. කටු හත - කමතේ ආරක්ෂාවට තබන හක් බෙල්ලා
  76. කොළ එලීම - කමතට කොළ දැමීම
  77. කොළදින් රාල - කමතට ගොයම් දමන්නා
  78. කොලමාගල් - කමතේ එලන පැදුර
  79. කාටුවා - බැත සමඟ ඉතිරි වන කුඩා ගොයම් කැබලි
  80. කලාතයා - පිටින්ම ගමන් කරන ගවයා
  81. කොත් කිරීම - ගවයන් කමත මැදට ගැනීම
  82. කොලවලහන් - කොළ මැඩීමට දෙන වී පංගුව (හරක් අඳේ)
  83. ගරන රාල - බැත ගරා එන්නා
  84. ගොවිකම් කිරීම - මැනීමට වී කිට්ටු කිරීම
  85. ගොයිකම් කිරීම - වී මැනීම
  86. ගගුල බානවා (ගගුල කරුණා කරනවා) - වහිනවා
  87. ගෝමැරියා (සෝමාරියා) - කම්මැලියා
  88. ගොන් බත - ගොන් දක්නාට දෙන බත
  89. ගගුල - වතුර
  90. ගොල්ල - පිරිස
  91. ගම් අඳය - ඉඩම් හිමියාට ලැබෙන කොටස
  92. ගොවි රාළ - ගොවිතැන් කරන්නා
  93. ගොන් පාවිට - කමතේ වතුර බැස යන කානුව
  94. ගොන් මෝල - කමතේ වතුර බැස යන සිදුර
  95. ගොල ගොන් ගැසීම - ගවයින් ලවා කොළ පෑගීම
  96. ගලතනවා (ආදිනවා) - හරක් එකට ගැට ගැසීම
  97. ගොම් පස් - ගොම
  98. ගොම් පස් දානවා - හරක් ගොම දානවා
  99. ගොම් පස් රාජකාරිය - ගොම කමතෙන් ඉවත් කිරීම
  100. ගුගුරන් බෑම - හරක් කමතේ මුත්‍රා කිරීම
  101. තට්ටුපත් කොළ - කෑම ගන්නා කෙසෙල් කොළ
  102. තොඹුපිරිවැස්ස (කටකලියාව) - කරල් කනවාට කටට දමන තොණ්ඩුව
  103. දහ අට හොඳයි - අංක 19 වෙනුවට භාවිතා කරන වචනය
  104. දැඩියාව - අව්ව
  105. දඬුව - ගිනි දැල්ල
  106. දිය පිට පින්නා - කැවුම්
  107. දෑතුරයා - හරක් රැලේ මැද ගවයින්
  108. නියරය -  ලියැද්ද වටා ඇති බැම්ම
  109. නෙළුම් කයිය - ගොයම් කැපුමට එන පිරිස
  110. නෙළුනවා (ගොයම් ලියනවා) - ගොයම් කැපීම
  111. නිරි ගොයම - ඉපනැල්ලෙන් මතුවන ගොයම් පැල
  112. පාවර මැනීම -  මැඬවනු බැත මැනීම
  113. පවනී බානවා - කකුලෙන් ගොයම් පාගා පිඬුරු ඉවත් කිරීම
  114. පරුවත කැට - වී වලට මිශ්‍ර වී ඇති ලොකු ගල් කැට
  115. පිහාටු බරියා - කුකුලා
  116. පංජම - පුංචි
  117. පුබ්බරු - බත්
  118. පුබ්බරුවන් රැකෙනවා - බත් කනවා
  119. පෙදකොට්ටු - ඉඹුල් කිරිබත්
  120. පැඟිරි කොළ - බුලත් කොළ
  121. පැඟිරියා - පැඟිරියා
  122. පැලපත - වැඩෙන ගොයම
  123. පැල - කමතේ සාදන තාවකාලික මඩුව
  124. පැහැදින් මල්ල - වැඩ නිමවූ පසු කිරි ඉතිර වීමට
  125. පහෙක් රාළ - කමත බලා ගන්නවා
  126. පාවර - වරකට පාගන ගොයම් කොළ ප්‍රමාණය
  127. පොල්මුත්තා - ඇතුල් රවුමේ දෙවන ගවයින්
  128. පිට කමත් කිරීම - ගවයින් පිටතට ගැනීම
  129. පට්ටිරාල - හරක් අයිතිකරු
  130. බොගා (වාඩාව) - සුළඟ
  131. බැත අරුව - පාහින ලද බැත කන්ද
  132. බෝය කිරීම - වී මළු වලට දැමීම
  133. බැත බෙරය - ලාස් පහක ප්‍රමාණය
  134. බුසල - වී මනින පෙට්ටිය
  135. බිස්ස - වී දැමීමට වේවැල් වලින් සහ මැටි යොදා ගෙන සාදන්නකි
  136. බැත ගෙට ගැනීම - වී ගෙදරට ගෙන ඒම
  137. බැට බානවා - කුලී ගෙවීම
  138. බොකු ගෑම - මැස්සන් විනාශ කිරීමට යොදා ගන්නා ක්‍රමයක්
  139. බෝය - ඩිංගයි
  140. බාල - පුංචි
  141. බාන්න - එන්න
  142. බෝය කරනවා - විටක් කනවා
  143. බුම්මැඩිය - වාදන භාණ්ඩයක්
  144. බෝමුරු ඇඳීම - කමත සුද්ද කර ගොම ගෑම
  145. බෝල් තියනවා - කමත අතු ගානවා
  146. බැත වැඩි වීම - ගොයම් මැඩවීමට පෙර අතින් පොඩි කර ලබා ගත් වී කමතේ ඉසීම
  147. බැත රාහි කිරීම - වී පෝරුවෙන් ගොඩ කිරීම
  148. බාන - එකට ගැට ගසන ලද හරක් දෙදෙනෙක්
  149. මල් පාවර කරනවා - කකුලෙන් ගොයම් පාගා පිදුරු ඉවත් කිරීම
  150. මරික්කලය -  වී මැනීමට ගන්නා උපකරණය
  151. මෝල්හන් බෑම - කමතේ දී වී කෙටීම
  152. මුරුත්තෙට්ටුව (මහ බත) - දවල් ආහාරය
  153. මාළු නැති බත් - කිරි බත්
  154. මුලා - කමතේ කටයුතු වල නායකයා
  155. මහප්පිඩ - කමතට ගෙන යන පළමු ගොයම
  156. මී අම්බරුවා - මී හරකා
  157. මුදුනා - ඇතුල් රවුමේ ගමන් කරන ගවයින්
  158. මුදුන් කිරීම - ගවයින් කමතට ගැනීම
  159. යතුරු ගහනවා - වී වල රොඩු ඉවත් කිරීම
  160. යාල්ලනවා - වී මනින මිනිසා
  161. යකුන්දාව - කමතට අළු ගෙනයන භාජනය
  162. යතුරු ගොයියා - කුල්ල
  163. රත්තා - ගින්දර
  164. රත්තා බෝ කිරීම - ගිනි මෙලවීම
  165. රත්තට හදනවා - පිදුරු වලට ගිනි තියනවා
  166. රස් බෝය - හකුරු
  167. රාජාසන වෙනවා (සාන්තු වෙනවා) - කෑම බීම ගන්නවා
  168. රතු ගගුල -  තේ
  169. ලාහ - වී මැනීමට භාවිතා කරන උපකරණයකි
  170. ලාබයි - වී මැනීමේදී අංක 1 වෙනුවට භාවිතා කරයි.
  171. ලියන්නෝ - වේයන්
  172. ලියන්නා - මීයා
  173. වරුව - බැත ගොඩ (වී ගොඩ)
  174. වරුව රාහි කිරීම - බැත ගොඩ ගැසීම
  175. වලහන - ගොයම් වැඩට උදව් වූ අයට කුලිය ලෙස දෙන වී කොටස
  176. වැඩ කරන්න - ගන්න
  177. වක්කඩ - ලියැද්දෙන් ලියද්දට වතුර බැසින විවරය
  178. වප් නියරය - මඩගා සූදානම් කළ නියරය
  179. වී දියේ දානවා - වී පැල වීමට දියේ දැමීම
  180. වැල් ඇඳීම - ආරක්ෂා කල පිරිත් නූලක් ඇදීම
  181. සැහැල්ලු බෝය (අගාවත) - බොල් වී
  182. සීරු - පුළුවන්
  183. සරුවාලය - කෙත් බිමේදී යොදා ගන්නා ඇඳුම
  184. සාත්තු වෙනවා - ගවයින් කමතේ පිදුරු කෑම

ස්ත්‍රී පුරුෂ භේදය

  1. කුරුල්ලා - කිරිල්ලී 
  2. පියා - මව 
  3. ස්වාමියා - භාර්යාව 
  4. ඇතා - ඇතින්න 
  5. පුරුෂ - ස්ත්‍රී 
  6. පාලකයා - පාලිකාව 
  7. ප්‍රේක්ෂකයා - ප්‍රේක්ෂිකාව 
  8. සාමාජිකයා- සාමාජිකාව 
  9. ගායක - ගායිකා 
  10. මහත්මා - මහත්මිය 
  11. සභාපති - සභාපතිනිය 
  12. සිටුවරයා - සිටුවරිය 
  13. කතුවරයා - කතුවරිය 
  14. බාලක - බාලිකා 
  15. බල්ලා - බැල්ලී 
  16. නළුවා - නිළිය 
  17. කුකුළා - කිකිළි 
  18. බළලා - බැළලි 
  19. කොටියා - කොටිදෙන 
  20. රජ - බිසව 
  21. නයා - නැයිනි 
  22. එළුවා - එළුදෙන 
  23. වලහා - වැලහින්න 
  24. මුවා - මුවදෙන 
  25. අශ්වයා - වෙළඹ 
  26. සොරා - සෙර 
  27. මොනරා - සෙබඩ 
  28. වඳුරා - වැඳිරි 
  29. සිංහයා - සිංහ ධේනුව 
  30. හංසයා - හංස ධේනුව 
  31. මනාලයා - මනාලිය 
  32. දෙවියා - දෙවඟන 
  33. මිතුරා - මිතුරිය 
  34. සාන්තුවරයා- සාන්තුවරිය 
  35. යහළුවා - යෙහෙළිය 
  36. විදුහල්පතිතුමා - විදුහල්පතිතුමිය
  37. මිනිසා - ගැහැනිය 
  38. මහණ - මෙහෙණි 
  39. මස්සිනා - නෑනා 
  40. මාමා - නැන්දා 
  41. බාප්පා - පුංචි අම්මා 
  42. පුතා - දුව 
  43. ගවයා - ගවදෙන 
  44. පීතෘ - මාතෘ 
  45. ගවයා - ගවදෙන 
  46. බමුණා - බැමිණි 
  47. කිඳුරා - කිඳුරිය 
  48. දාසයා - දාසිය 
  49. සතුරා - සැතිරි 
  50. දරුවා - දැරිය 
  51. ඔහු - ඇය 
  52. නිවේදකයා- නිවේදිකාව 
  53. පිස්සා - පිස්සී 
  54. සේවකයා - සේවිකාව 
  55. නායකයා - නායිකාව 
  56. දායකයා - දායිකාව 
  57. අලියා - කෙනෙර

තනි වචන


  1. ජලයෙහි වැඩෙන - ජලජ
  2. ධර්මයට අනුව ජීවත්වන - ධාර්මික 
  3. ආහාර හිඟ කාලය  - දුර්භික්ෂය 
  4. බඩගාමින් යන සත්තු - උරග 
  5. පිටරටකින් පැමිණි පුද්ගලයා - විදේශිකයා 
  6. එම රටෙහිම උපන් - ස්වදේශික
  7. අම්මාගේ සහෝදරයා - මාමා 
  8. ගමෙහි ජීවත්වන්නා - ගැමියා 
  9. අනුන්ගේ යහපතට කටයුතු කරන්නා - පරාර්ථකාමියා 
  10. නැව් නවත්වා තබන ස්ථානය - වරාය 
  11. රිදියෙන් කරන ලද - රජතමය 
  12. ගඟක් මුහුදට වැටෙන ස්ථානය - මෝය 
  13. කිරි බී වැඩෙන - ක්ෂීරපායි 
  14. වැඩකට නොමැති හිස් බස් - ප්‍රලාප 
  15. රජු හිඳගන්නා පුටුව - සිංහාසනය 
  16. කතා කිරීමෙහි දක්ෂ - චතුර 
  17. හිස සුන් මළකඳ - කවන්ධය 
  18. රටරටවල තොරතුරු සොයන්නා- ගවේෂකයා 
  19. කිසිකලෙක නොමැරෙන - අමරණීය 
  20. යමකු සිහිකිරීමට තනන ලද්ද - ස්මාරකය 
  21. රාත්‍රී කාලයේ හැසිරෙන - නිශාචර 
  22. වනයෙහි හැසිරෙන - වනචාරී
  23. තල්ලෙන් උපන් - තාලුජ 
  24. අවුරුදු දහයක කාලය - දශකය 
  25. යකඩින් තනන ලද - අයෝමය 
  26. සුව කිරීමට අපහසු - අසාධ්‍ය 
  27. පංච ඉන්ද්‍රීයන් - පසිඳුරන් 
  28. සැමියා මළ ස්ත්‍රිය - වැන්දඹුව 
  29. මඩෙහි උපන් - පංකජ 
  30. ජලයෙහි උපන් - ජලාබුජ
  31. දිය ගොඩ දෙකෙහිම වාසය කරන්නා - උභයජීවී
  32. අතින් ම කරන ලද - අත්කම් 
  33. මල් හට නොගන්නා - අපුෂ්පක 
  34. ඉතා සෙමෙන් ධාවනය වෙන - මන්දගාමී 
  35. ජනයාගෙන් හිස් වූ - ජනශූන්‍ය 
  36. මනා පෙනුමකින් යුත් - කඩවසම් 
  37. යම් ක්ෂේත්‍රයකට අලුතින් එකතු වන්නා - ආධුනිකයා 
  38. නැකැත් නොමැති කාලය - නොනගතය 
  39. වෙනස් නොවන - ස්ථිර 
  40. එක ම කාලයට අයත් - සමකාලීන 
  41. දොළොස් මසක කාලය - අවුරුද්ද 
  42. මිල කළ නොහැකි - අමිල 
  43. කිසිවෙකුට යටත් නැති - ස්වාධීන 
  44. කන් නොඇසෙන - බිහිරි 
  45. පැයක කාලය - හෝරාව 
  46. පොළොව යටින් කැපූ මාර්ගය - උමග 
  47. වනයෙහි උපන් - වනජ 
  48. යමෙකු උපන් භූමිය - නිජබිම 
  49. කටින් කට පැවතෙන කියුම් - ජනප්‍රවාද 
  50. කාලයට ගැළපෙන - කාලෝචිත 
  51. නීතියට ගරු කරන - නීතිගරුක 
  52. තාපසයන් වසන ස්ථානය - තපෝවනය 
  53. අනුන්ගෙන් පෝෂණය වන්නා - පරපෝෂිත 
  54. පාද නොමැති - අපා
  55. පාද දෙකක් ඇති - දෙපා
  56. පාද හතරක් ඇති - සිව්පා
  57. බොහෝ පාද ඇති - බහුපා 
  58. මාර්ග හතරක් එක්වන තැන - සිව්මංසල 
  59. සඳ නොමැති රාත්‍රිය - අමාවක 
  60. ඉර උදාවීමට ආසන්න වේලාව - අරුණලු 
  61. ජාතිය කෙරෙහි ඇති ඇල්ම - ජාත්‍යාලය 
  62. පරම්පරාවෙන් ලැබෙන අයිතිය - උරුමය 
  63. වැඩක් පලක් කිරීමට අලස - කම්මැළි 
  64. සාමයට කැමති - සාමකාමී 
  65. ඉක්මනින් ධාවනය වන - ශීඝ්‍රගාමී 
  66. බොහෝ මුදල් ඇති - ධනවත් 
  67. ඇඳිරි වැටීගෙන එන - ගොම්මන 
  68. ඉබාගාතයේ ඇවිදින - රස්තියාදු 
  69. වැස්ස නැති කාලය - නියඟය 
  70. පෙති සියයක් ඇති - සියපත් 
  71. මිනීමරුවන් එල්ලා මරන්නා - අලුගෝසුවා 
  72. කියන දේ නොපිළිපදින - අකීකරු 
  73. ලී කොටයක ඇති ශක්තිමත් කොටස- අරටුව 
  74. අධික ලෙස මත්පැන් පානය කරන්නා - බේබද්දා 
  75. තමන් ගැන පමණක් සිතන්නා - ආත්මාර්ථකාමියා 
  76. කැඩුණු බිඳුණු දෙයක් යළි සැකසීම - ප්‍රතිසංස්කරණය 
  77. බත් සමග ආහාරයට ගන්නා එළවළු, මාළු - ව්‍යාංජන

යුගල පද


  1. නඩු - හබ
  2. පඩි - නඩි
  3. ගනු - දෙනු
  4. බාල - මහලු
  5. ගරු - සරු
  6. කතා - බහ
  7. වතු - පිටි
  8. අය - වැය
  9. ගහ - කොළ
  10. අතුරු - සිදුරු
  11. මන - දොළ
  12. ඇළ - දොළ
  13. සිරිත් - විරිත්
  14. දුක - සැප
  15. ගල් - මුල්
  16. කසු - කුසු
  17. ඔප්පු - තිරප්පු
  18. අවි - ආයුධ
  19. උදව් - පදව්
  20. රට - තොට
  21. ඉඩම් - කඩම්
  22. රෙදි - පිළි
  23. අනන් - මනන්
  24. අඟර - දඟර
  25. තෑගි - බෝග
  26. යාන - වාහන
  27. දුර - දිග
  28. උකුළු - මුකුළු
  29. වට්ටි - පෙට්ටි
  30. ගුටි - බැට
  31. අල්ලාප - සල්ලාප
  32. වට - පිට
  33. බාර - හාර
  34. හොර - බොරු
  35. දුගී - මගී
  36. ගමන් - බිමන්
  37. කන - කර
  38. ඉඳුම් - හිටුම්
  39. අදහස් - උදහස්
  40. වාද - භේද
  41. හිත - මිතුරු
  42. ඉහින් - කනින්
  43. බේත් - හේත්
  44. අලි - ඇත්තු
  45. මැහුම් - ගෙතුම්
  46. අඹු - සැමි
  47. තාන්න - මාන්න
  48. කියුම් - කෙරුම්
  49. ඇණුම් - බැණුම්
  50. අහල - පහළ
  51. ඕප - දූප
  52. සුල - මුල
  53. හාවක් - හූවක්
  54. ලෙඩ - දුක්
  55. රැවුම් - ගෙරවුම්
  56. දාන - මාන
  57. ණය - තුරුස්
  58. බල - තල
  59. ඇප - කැප
  60. වස් - දොස්
  61. අග - හිඟ
  62. කොට්ට - මෙට්ට
  63. අවුල් - වියවුල්
  64. අරුම - පුදුම
  65. කෙළි - සෙල්ලම්
  66. උස් - පහත්
  67. යන - එන
  68. ලොකු - කුඩා
  69. දිනුම් - පැරදුම්
  70. රළු - පරළු
  71. ලට - පට
  72. වදෙන් - පොරෙන්
  73. තද - බද
  74. සැර - වැර
  75. සිත් - පිත්
  76. සුන් - බුන්
  77. යමක් - කමක්
  78. ඇද - කුද
  79. බණ - දහම්
  80. පරක් - තෙරක්
  81. නැටුම් - ගැයුම්
  82. ඉන්න - හිටින්න
  83. උස - මහත
  84. හිතක් - පපුවක්
  85. අකට - විකට
  86. අතට - පයට
  87. වැඩක් - පලක්
  88. ලෙහෙසි - පහසු
  89. වඳින - පුදන
  90. අරුම - පුදුම
  91. වත් - පොහොසත්
  92. අතුරු - ආන්තරා
  93. රැකී - රක්ෂා
  94. වග - විභාග
  95. වෙර - වීරිය
  96. ඇත්ත - නැත්ත
  97. ගහක් - කොළක්
  98. අතුරු - සිදුරු
  99. අර - පරිස්සම් 
  100. හරක - බාන 

ප්‍රස්තාපිරුළු

  1. දිලිසෙන සියල්ල රන් නොවේ - මතුපිට ඔපයට නොරැවටෙන්න.
  2. ගහ දන්න අයට කොළ කඩා පාන්නා සේ - සත්‍ය තොරතුරු දන්නා අයට ඇත්ත වසන් කිරීම.
  3. ගහට ගහක් මොරටුවෙදි හමුවෙනවාලු - කවදා හෝ යළි මුණගැහෙන බව.
  4. ගිලීමලෙත් ඇත දත සුද්දෝ - නරක ගති ගුණ ඇති අය ළඟද හොඳ අය ඇත.
  5. මුහුද හත් ගව්වක් තිබියදී අමුඩ ගැසුවා වගේ - යම් දෙයකට ප්‍රමාණය ඉක්මවා සූදානම් වීම.
  6. ආචාරියා රවටා කැත්ත හැදුවා වගේ - අන් අය රවටන්නට ගොස් තමන්ම රැවටීම.
  7. මිටිකිරි විසිකර දියකිරි ගත්තා වගේ - හොඳ දේ ඉවත දමා නරක දේ ප්‍රයෝජනයට ගැනීම.
  8. ගින්නක් නොමැතිව දුමක් නොනගී - හැම දෙයකටම හේතුවක් ඇත.
  9. නරියා පඹ ගාලෙ පැටලුනා වගෙයි - විසඳන්නට නොහැකි අවුලකට පත්වීම.
  10. උගුරට හොරා බේත් කනවා වගේ - යන්තම් ගැලවීමට වැඩ කිරීම.
  11. බත් ඇති දාට කොස් තිත්තලු - වටිනාකමින් වැඩි දේවල් ලැබෙන විට සුළු දේවල් අමතක වීම.
  12. ඉඳිකටු තුඩේ තපස් රැක්කා වගෙයි - ඉටුකළ නොහැකි දේකට වෙහෙසීම.
  13. වක්කඩේ හකුරු හැංගුවා වගේ - අනාරක්ෂිත තැනක යමක් පරිස්සමට තැබීම
  14. තෙලෙන් බැද්දත් කොබෙයියා - කිරෙන් බැද්දත් කොබෙයියා - ප්‍රදේශය වෙනස් වුවත්, කාලය වෙනස් වුවත් පුද්ගලයන්ගේ සහජ ගති ගුණ, පුරුදු වෙනස් වන්නේ නැත.
  15. ගිරයට අහුවුණ පුවක් ගෙඩිය වගේ - කිසිම ගැලවීමක්, නිදහසක් නැති.
  16. ගඟෙන් දිය බී මුහුදට ආවඩනවා - උපකාර කළ අය අමතක කර වෙනත් අයට ප්‍රශංසා කිරීම.
  17. ඇඟෙන් ඇටයක් ගියා වගේ - බොහෝ අකමැත්තෙන් යමක් දීම.
  18. කටින් බතල හිටවන්නා වගේ - යමක් කතාවට පමණක් සීමා කිරීම.
  19. උඩින් මිතුරු යටින් කතුරු - හිතවත්කම පෙන්වමින් උගුල් ඇටවීම.
  20. දිය මතුපිට ඇඳි ඉරක් වගෙයි - යමක් ඉතා ඉක්මනින් අමතක වී යෑම.
  21. පරංගියා කෝට්ටේ ගියා වගේ - යෑමට කෙටි මාර්ගයක් තිබිය දී දීර්ඝ ගමනකින් අදාළ තැනට ළඟා වීම.
  22. කටුස්සගෙ කරේ රත්තරන් බැන්දා වගේ - නුසුදුසු පුද්ගලයින්ට තනතුරු දීම.
  23. දුවන මුවන් දැක නොදමව් නෙළූ පලා - විශාල වාසි තකා තමන් ළඟ ඇති දේ ඉවත දැමීම.
  24. යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද- උවමනා වේලාවට නැති දෙයින් පසුව ඵලක් නොවීම.
  25. ගහෙන් වැටුණ මිනිහාට ගොනා ඇන්නා වගේ- අමාරුවෙන්, කරදරයකින් බේරුණ විට ඊටත් වඩා වැඩි කරදරයකට මුහුණ දෙන්නට සිදුවීම.
  26. වඳින්න ගිය දේවාලේ හිසේ කඩා වැටුණා වගේ - පිහිටක්, යහපතක් බලාපොරොත්තුවෙන් ගියත් විපතක් සිදුවීම.
  27. ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න ඕනෙ - තමන්ගෙ තරම දැනගෙන කටයුතු කළ යුතුයි.
  28. අනුන්ගෙ පහනින් එළිය බැලීම - පිටස්තර අයගෙන් සියල්ල බලාපොරොත්තු වීම.
  29. විද්දෙ හාවට වැදුණෙ පඳුරට - යමකින් බලාපොරොත්තු වූ ප්‍රතිඵලය නොලැබීම.
  30. පැණි වරකා ගහටත් හෙණ වදිනවාලු - යහපත් දෙයකට වුවද හානි පැමිණේ.
  31. පැණි හැළියෙ වැටුණ ඇඹලයා වගේ - යමකට ඉතා ආසාවෙන් ඇලී ගැලී සිටීම.
  32. නයාට අඳුකොළ වගෙයි - තදින් යම් දෙයකට වෛර කිරීම.
  33. කල දුටු කල වළ ඉහ ගන්නා සේ - අවස්ථාවෙන් ලාභ ප්‍රයෝජන ගැනීම.
  34. දත් නැති දා උක් දඩු ගිනි තපින්නද - අවශ්‍ය වෙලාවට නැති නම් පසුව ඵලක් නොවේ.
  35. ගඟට ඉනි කැපුවා වගෙයි - මහන්සි වී කරන වැඩෙන් ප්‍රතිඵලයක් අත් නොවීම.

Sunday, October 9, 2016

ශිෂ්‍යත්ව අත්වැල කා සඳහා ද?

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත දූ පුතුන් වෙනුවෙන් අවශ්‍ය දැනුම යම් පමණකින් සපයන්න මෙම වෙබ් අඩවිය අරඹන ලදි. විටින් විට විවිධ පාඩම් හා අනුමාන ප්‍රශ්ණ පත්‍ර එක් කරමින් ඔබත් සමඟ  ඉදිරියට යන්නට අපේක්ෂා කරමු. රැඳෙන්න අප සමඟ..

Popular Posts